මෙම වසරේ මුල් භාගයේ දී චීනයේ විදුලි සන්නිවේදන ව්‍යාපාරික ධාරිතාවේ අඛණ්ඩ වර්ධනයක්
2024-07-25 13:15:06
Share with:

මෙම වසරේ මුල් භාගයේ චීනයේ විදුලි සන්නිවේදන ව්‍යාපාරික ධාරිතාව අඛණ්ඩව වාර්ෂික වශයෙන් සියයට 10කට අධික අනුපාතයකින් වර්ධනය වේ.

කාර්මික හා තොරතුරු අමාත්‍යංශය නිකුත් කළ නවතම දත්තවලට අනුව, වසර 2024 මුල් මාස හය තුළ චීනයේ විදුලි සන්නිවේදන ධාරිතාව පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 11.1කින් වැඩි විය. ආදායම යුවාන් බිලියන 894ක් වන අතර එය සියයට 3ක වර්ධනයකි. අන්තර්ජාල දත්ත මධ්‍යස්ථාන, මහා දත්ත, Cloud පරිගණක ඇතුළු නවීන ව්‍යාපාරවල ධාරිතාව සියයට 10කට වඩා වැඩි මට්ටමකින් වර්ධනය වී යුවාන් බිලියන 228කට ආසන්න ආදායමක් ලබා ගනී. 

එම කාලය තුළ චීනයේ කර්මාන්තවල ඩිජිටල්කරණය, වේගවත් ප්‍රගමනයට පිවිසීමේ වැදගත් අදියරට පිවිස ඇත. දේශපාලන කටයුතු, වෛද්‍ය සේවාව, බලශක්තිය, ගෘහ නිර්මාණ, සංචාරය හා සංස්කෘතිය යන කර්මාන්ත පිළිබඳ දැවැන්ත ආකෘතීන්හී භාවිතාව කඩිනම් වීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම