සමස්ත චීන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලන චීනයේ අංගසම්පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ
2024-07-25 18:39:29
Share with:

චීන ජනාධිපති ෂි ජින් පිං මහතාගේ නායකත්වයෙන් චීන මහජන සමූහාණ්ඩුව අංගසම්පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කර ඇත. ඒ තුළින් සමස්ත චීන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීම සඳහා පසුබිම සැකසී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පවසයි.

චීනයේ නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තුළින් කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල්කරණය ඔස්සේ මානව ප්‍රාග්ධනය පුළුල් ලෙස වර්ධනය කිරීමට දරන ප්‍රශස්ත උත්සාහය ද කැපීපෙනේ. එහිදී සමස්ත ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ප්‍රතිලාභ හිමි කර දෙමින්, එක් තීරයක් එක් මාවතක් සංකල්පය යටතේ සමගාමී රාජ්‍යයන් ද සම්බන්ධ කරගැනීම ප්‍රශස්තය. ශීඝ්‍රයෙන් සංවර්ධන වන රටක් ලෙස, චීනයේ මෙම කාර්යභාරය ආසියානු කලාපයට ද ඉතා වැදගත් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුර‍ටත් පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම