චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Ma Zhaoxu මහතා සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
2024-07-25 19:17:10
Share with:

චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Ma Zhaoxu මහතා දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍ය Cho Tae-yul මහතා ඊයේ (24) දකුණු කොරියාවේ සෝල් නුවරදී හමුවිය. එමෙන්ම, Ma Zhaoxu මහතා දකුණු කොරියාවේ විදේශ අමාත්‍යාංශයේ පළමු උප අමාත්‍ය Kim Hong Kyun මහතා සමඟ චීනය සහ දකුණු කොරියාවේ විදේශ කටයුතු පිළිබඳ ආයතනවල 10 වැනි ඉහළ මට්ටමේ උපායමාර්ගික සංවාදය පැවැත්වීය.

දෙරටේ නායකයින් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවන් සක්‍රීයව ක්‍රියාත්මක කිරීමටත්, වෙනස්කම් නිසි ලෙස හසුරුවා ගැනීමටත්, චීන-දකුණු කොරියානු උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීමටත් දෙපාර්ශවය එකඟ වූහ.

චීන තායිවාන ප්‍රදේශය, දකුණු චීන මුහුද සහ චීනයේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන උත්සුකයන් සම්බන්ධ අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් චීනය සිය ගාම්භීර ස්ථාවරය ප්‍රකාශ කර ඇති අතර, එකම චීනය යන මූලධර්මය පිළිපදින ලෙසත්දකුණු චීන මුහුදේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වෛෂයික සහ සාධාරණ ස්ථාවරයක් පවත්වා ගෙන යන ලෙසත් චීනය දකුණු කොරියාවෙන් ඉල්ලා සිටී. දකුණු කොරියාව එකම චීනය  මූලධර්මයට අනුගත වන බව යළිත් අවධාරණය කළ අතර දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කළේය.

කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය සහ පොදු අවශ්‍යතා සහිත සෙසු ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු පිළිබඳව දෙපාර්ශ්වය සිය ස්ථාවරයන් සහ අදහස් විග්‍රහ කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම