‘ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග ඉසව් සජීව විකාශ තාක්ෂණ නවෝත්පාදන සංවර්ධනය පිළිබඳ චීන මාධ්‍ය සමූහයේ වාර්තාව’ පැරිස් හිදී එළි දැක්වෙයි
2024-07-25 22:07:15
Share with:

‘ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග ඉසව් සජීව විකාශ තාක්ෂණ නවෝත්පාදන සංවර්ධනය පිළිබඳ චීන මාධ්‍ය සමූහයේ වාර්තාව’ එළි දැක්වෙයි. චීන, ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවන්ගෙන් යුත් අනුවාදය අද(25) ප්‍රංශයේ පැරිස් අගනුවරදී නිකුත් කෙරිණ. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ ඔලිම්පික් විකාශ සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Yiannis Exarchos මහතා පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජාත්‍යන්තර ගුවන් විදුලි මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු චීන මාධ්‍ය සමූහයේ මැදිරියේ දී එම වාර්තාව නිකුත් කිරීමේ අවස්ථාවට එක් වූහ.


අධි පැහැදිලි තාක්ෂණය, 5ජී තාක්ෂණය, කෘත්‍රිම බුද්ධය, Cloud තාක්ෂණය, අතථ්‍ය තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල චීන මාධ්‍ය සමූහයේ නවෝත්පාදන ප්‍රගමනය එම වාර්තාවේ දැක්වෙයි.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම