ලාඕස ජනාධිපතිවරයා හා චීන විදේශ ඇමතිවරයා අතර හමුවක්
2024-07-25 19:53:37
Share with:

ලාඕස මහජන විප්ලවවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ එර‍ට ජනාධිපති Thongloun Sisoulith මහතා අද (25) වියන්ටියන් හිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා හමුවිය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ වැදගත් නිගමන සහ නව්‍ය ප්‍රතිඵල ලාඕස මහජන විප්ලවවාදී පක්ෂයේ 12 වැනි ජාතික සම්මේලනයට සූදානම් වීමේදී සහ සමාජවාදයේ අරමුණු ප්‍රවර්ධනය කිරීමේදී ලාඕසයට වැදගත් සඳහනක් බවට පත්ව ඇතැයි Thongloun Sisoulith මහතා පැවසීය. දෙරට අතර මිත්‍රත්වය සහ ප්‍රායෝගික සහයෝගීතාව පලුදු කිරීමට ලාඕසය  කිසිවෙකුටවත් ඉඩ නොදෙන අතර, දෙපාර්ශ්වයේ ඉහළම නායකයින් විසින් ඇතිකරගත් එකඟතාවන් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය  යුගයේ සන්ධිස්ථානයක් වන අතර චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ගාමක බලයක් එක් කර ඇති බව Wang Yi මහතා පැවසීය.

පසුගිය වසරේ දී, චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා සහ Thongloun Sisoulith මහතා එක්ව පොදු ඉරණමක් සහිත චීන-ලාඕස ප්‍රජාවක් ගොඩනැගීම සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මේ නව අනුවාදයකට අත්සන් තැබූ අතර, එය නව යුගයේ චීන-ලාඕස සබඳතා වර්ධනය සඳහා වන මහා ඉදිරි දැක්මක් බවට පත්ව ඇති බව Wang Yi මහතා අවධාරණය කළේය. තම රටේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන උත්සුකයන් සම්බන්ධ ප්‍රශ්නවලදී ලාඕසය සැමවිටම චීනය සමඟ සිටීම අගය කරන බවත් ලාඕසය සමඟ සර්ව කාලීන සහයෝගීතාව ගැඹුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් Wang Yi මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම