පලස්තීනයේ විවිධ පාර්ශ්ව “බෙයිජිං ප්‍රකාශනය”ට අත්සන් තැබීම අරාබි ලීගය පිළිගනී
2024-07-25 16:26:50
Share with:

විවිධ පලස්තීන පාර්ශ්ව විසින් "බෙදීම් අවසන් කිරීම සහ පලස්තීන ජාතික සමගිය ශක්තිමත් කිරීම පිළිබඳ බෙයිජිං ප්‍රකාශනය" අත්සන් කිරීම අරාබි ලීගය ඊයේ(24) පිළිගත් බව නිවේදනය කළේය.

පලස්තීනයට චීනය දක්වන සහයෝගය අගය කරන බව පලස්තීනය සහ අරාබි ප්‍රදේශවල අත්පත් කර ගැනීම් කටයුතු පිළිබඳ අරාබි ලීගයේ සහකාර මහලේකම් Saeed Abu Ali මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

චීන නායකයින්ගේ උත්සාහයන් හා මුලපිරීම් මෙන්ම පලස්තීන ජනතාවගේ අයිතීන් හා සමගිය වෙනුවෙන් වන චීනයේ අඛණ්ඩ සහාය, අරාබි ලීගය ඉතා ඉහළින් අගය කරන බවද එම නිවේදනය සඳහන් විය. එමෙන්ම ඊශ්‍රායල ආක්‍රමණය අවසන් කර ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා පලස්තීන ජනතාවගේ සාධාරණ සහ නීත්‍යානුකූල අරගලයට චීනය දක්වන සහයෝගයට අරාබි ලීගය සිය ප්‍රශංසාව පළ කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම