පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇදුම් සම්පූර්ණයෙන්ම ප්‍රදානයක් ලෙස ලබා දීමට චීන රජයේ එකඟතාව
2024-07-24 14:37:46
Share with:

ලබන වර්ෂය සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇදුම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට චීන රජය එකඟතාව පළ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ හේතුවෙන් රජයට රුපියල් බිලියන හයක මුදලක් ඉතිරි කර දීමට හැකි වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා සිදු කර අවශ්‍ය රෙදි පිළිබඳව දැනුම් දී ඇති බැවින් අවශ්‍ය රෙදි ප්‍රමාණය දැනුම් දීමෙන් පසු අදාල රෙදි තොගය මෙරටට ලබා දීමට චීන රජය එකගතාවය පළ කර ඇත.

එමෙන්ම ප්‍රාථමික පන්ති සඳහා ලබා දෙන දිවා ආහාර වැඩසටහන ලබන වසරේ සිට තවත් ව්‍යාප්ත කරමින් තවත් පන්ති කිහිපයක් සඳහා ලබා දීමට සැලසුම් සකස් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම