චීන-යුක්රේන විදේශ ඇමතිවරුන් අතර හමුවක්
2024-07-24 18:38:43
Share with:

චීන විදේශ ඇමතිවරයා යුක්රේන විදේශ ඇමතිවරයා හමු වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා Guangzhou හිදී යුක්රේන විදේශ ඇමති Dmytro Kuleba මහතා හමු විය.

යුක්රේන අර්බුදය දේශපාලන මාර්ගවලින් විසඳා ගැනීමට චීනය මුල සිට ම සහාය දෙමින් සිටින බව වං යී මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ‘යුතුකම් හතරක්’ මත පදනම් ව යුක්‍රේන අර්බුදයට දේශපාලන විසඳුමක් වෙනුවෙන් චීනය බ්‍රසීලය සමග ‘එකඟතා හයක්’ නිවේදනය කළේය.  සාමය උදෙසා කළ සමස්ත ප්‍රයත්න වෙනුවෙන් අනුබලය ලබා දෙන චීනය, සටන් විරාමයටත් සාමකාමී සාකච්ඡා පණගැන්වීමටත් සාධනීය කාර්යභාරය ඉටු කිරීමට සූදානම් වෙයි. යුක්රේන තත්ත්වය වෙත අවධානය යොමු කරමින් මානුෂීය සහනාධාර සැපයුම් අඛණ්ඩ ව සැපයීමට චීනය කැමැත්තෙන් සිටින බව ද විදේශ අමාත්‍ය වං යී මහතා සඳහන් කළේය.

සාමය තහවුරු කිරීම සහ ජාත්‍යන්තර පටිපාටිය සුරැකීම වෙනුවෙන් චීනය ඉටු කර ඇති කාර්යභාරයන් යුක්රේන විදේශ ඇමතිවරයා එහිදී ඉහළින් පැසසුමට ලක් කළේය. චීනය බ්‍රසීලය සමග එළඹි ‘එකඟතා හය’ යුක්රේනයේ දැඩි අවධානයට යොමු වී ඇත. රුසියාව සමග එක්ව සාකච්ඡා පැවැත්වීමට තම රට සූදානම් බව ද යුක්රේන විදේශ ඇමති Dmytro Kuleba මහතා කියා සිටියේය.

එසේ ම, ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් පොදු අවධානයට ලක්වූ ප්‍රශ්න සම්බන්ධයෙන් විදේශ ඇමතිවරු දෙපළ අදහස් හුවමාරු කර ගත්හ.



ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම