‘බෙයිජිං ප්‍රකාශනයෙන්’ පලස්තීන ජනතාවට නව බලාපොරොත්තුවක්
2024-07-24 16:59:29
Share with:

පලස්තීනයේ පාර්ශ්ව 14ක් සංහිඳියා සංවාදයක් පවත්වා බෙයිජිං ප්‍රකාශනයට අත්සන් තැබූ අතර පලස්තීන ජනතාවට බලාපොරොත්තුවක් සහ අනාගතයක් ඉන් ගෙන දී ඇත. එය පලස්තීන ප්‍රශ්නය විසඳීමට සහ මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ද වැදගත් පියවරකි.

‘බෙයිජිං ප්‍රකාශනය’ ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැක්ම චීනය දකින්නේ කෙසේද සහ ඒ සම්බන්ධයෙන් එය ඉටු කරන කාර්යභාරය කුමක්දැයි චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙක් අද (23) පැවති මාධ්‍ය හවුවේදී විමසීය. ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවේ

පලස්තීන ප්‍රශ්නය මැද පෙරදිග ප්‍රශ්නයේ හරය බවයි. පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයට ආත්මාර්ථකාමී අවශ්‍යතා නැතැයි ඇය අවධාරණය කළාය. පලස්තීන ජනතාවට ඔවුන්ගේ නීත්‍යනුකූල ජාතික අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් මැදපෙරදිග රටවල ජනතාවට ඔවුන්ගේ ඉරණම තමන් අතට ගැනීමේදීත් චීනය සෑම විටම දැඩි ලෙස සහයෝගය දක්වයි. ගෝලීය ආරක්ෂක මුලපිරුම අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් මැද පෙරදිග සාමය සහ ස්ථාවරත්වය සඳහා වඩා විශාල දායකත්වයක් කැප වීමට චීනය සූදානමින් සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම