රතු මුහුදේ නෞකාවන්හි ආරක්ෂාව තහවුරු කරන්නැයි චීනය ඉල්ලා සිටී
2024-07-24 11:38:23
Share with:

ජාත්‍යන්තර නීතියට අනුකූලව, විවිධ රටවල වෙළඳ නෞකාවන්ට රතු මුහුදේ යාත්‍රා කිරීමට ඇති අයිතියට ගරු කරන ලෙසත්, හිංසාකිරීම නවතා, එම මාර්ගවල ආරක්ෂාව තහවුරු කරන ලෙසත් හූති සන්නද්ධ හමුදා වෙතින් චීනය ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව කියාසිටියේ, යේමනයේ තත්ත්වය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (23) පැවති  රැස්වීමට එක්වෙමිනි.

අදාළ පාර්ශ්ව දේශපාලන විසඳුමක් පිළිබඳ දිශානතියට අනුගත ව, “යේමන ජනතාව විසින් එරට පාලනය කිරීම සහ මෙහෙයවීමේ” මූලධර්මයට අනුකූලව සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලියක් ඉදිරියට රැගෙන යාම සඳහා එක්ව කටයුතු කරමින්, පවතින ගැටුම් සංවාද සහ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද  Fu Cong මහතා කියාසිටියේය. මේ සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ද සහයෝගය ලබාදෙමින් මනා ප්‍රායෝගික කාර්යභාරයක් ඉටුකළ යුතු වේ.

එසේම, ජාත්‍යන්තර ප්‍රජාව යේමනයේ මානුෂීය හා සංවර්ධන ආයෝජන වැඩි කළ යුතු බවත්, ආර්ථිකය හා ජනතා ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා යේමන රජයට මෙන්ම ජනතාවට උපකාර කළ යුතු බවත් Fu Cong මහතා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ නිලධාරීන් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන චීනය ඔවුන් සියලුදෙනා කොන්දේසි විරහිතව වහා නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බව ද චීන නියෝජිතයා පැවසීය.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම