සමීක්ෂණයකට එක්වූ ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 92.81%ක් පලස්තීන පාර්ශ්ව අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට චීනය දරන උත්සාහය අගය කරති
2024-07-24 21:34:24
Share with:

පලස්තීන පාර්ශ්ව බෙයිජිංහිදී ප්‍රතිසන්ධානයකට එළඹුණු අතර චීනයේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම ඉන් තවත් සන්ධිස්ථානයකට ළඟා විය. චීන මාධ්‍ය සමූහයේ CGTN නාළිකාව විසින් ලොව පුරා අන්තර් ජාල භාවිත කරන්නන් අතර පවත්වන ලද ජනමත විමසුමකින් පෙන්නුම් කරන්නේ, ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 92.81ක් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම්වලට සහය දැක්වීමටත්, බෙදීම අවසන් කිරීමටත් සහ පලස්තීනයේ ස්ථාවරය එක්සත් කිරීමටත් චීනය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බවයි. සංවාදය සහ උපදේශන මගින් ගැටුම් සහ වෙනස්කම් විසඳීම සඳහා චීනය නව ආදර්ශයක් ලබා දී ඇති බව ඔවුහූ විශ්වාස කරති.

විවිධ පලස්තීන පාර්ශ්ව විසින් අත්සන් කරන ලද බෙයිජිං ප්‍රකාශනය තාවකාලික ජාතික සංහිඳියා රජයක් පිහිටුවීමට සහ ගාසාහි ප්‍රතිසංස්කරණය සිදු කිරීමට සියලු පාර්ශ්වයන් එකඟවී ඇත. සමීක්ෂණයේ දී, ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 87.23% ක් විශ්වාස කරන්නේ පලස්තීනය සහ ඊශ්‍රායලය අතර වත්මන් ගැටුම් කඩිනමින් අවසන් කිරීමට පලස්තීන පාර්ශ්ව අතර සංහිඳියාව හිතකර වන අතර එමඟින් කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කරන බවයි. අභ්‍යන්තර සංහිඳියාව ඇති කරගැනීමට සහ සංවාදය සහ උපදේශන තුළින් අභ්‍යන්තර සමගිය ශක්තිමත් කිරීමට චීනය සැමවිටම පලස්තීන පාර්ශ්වවලට සහාය දක්වයි. සමීක්ෂණයේදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 91.63% ක් චීනයේ යෝජනාව බෙහෙවින් අගය කළහ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 90.55% ක් විශ්වාස කරන්නේ මැදපෙරදිග ගැටුම් අවුලුවාලීමේදී ඇතැම් රටවල භාවිත කරන පිළිවෙත්වලට වඩා චීනයේ සාමකාමී සංවර්ධනයට සහාය දැක්වීමේ සංකල්පය වැඩි පිළිගැනීමක් ලබා ඇති බවයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 87.25% ක් කියා සිටියේ මානව වර්ගයා නොබෙදිය හැකි ආරක්ෂක ප්‍රජාවක් වන අතර චීනය විසින් ඉදිරිපත් කරන ලද පොදු, විස්තීර්ණ, සහයෝගිතා සහ තිරසර ආරක්ෂක සංකල්පය සමඟ එකඟ වූ බවයි.

 

මෙම සමීක්ෂණය CGTN හි ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු යන භාෂා වේදිකාවල නිකුත් කර ඇති අතර, ප්‍රතිචාර දැක්වූවන් 10,592ක් පැය 24ක් ඇතුළත ඡන්දය ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම