පලස්තීනයේ විවිධ පාර්ශ්ව “බෙයිජිං ප්‍රකාශනය”ට අත්සන් තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගනී
2024-07-24 09:12:26
Share with:

පලස්තීනයේ විවිධ පාර්ශ්ව චීනයේ “බෙයිජිං ප්‍රකාශනය”ට අත්සන් තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගනී.

එම සංවිධානයේ මහලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා ඊයේ(23) මේ බව පැවසීය. එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා පලස්තීනයේ විවිධ පාර්ශ්ව“බෙයිජිං ප්‍රකාශනය”ට අත්සන් තැබීම පිළිගෙන ඇති අතර එය ඉදිරියේ දී පලස්තීනයේ සමගිය සාක්ෂාත් කර ගැනීමේ වැදගත් පියවරක් වනු ඇති බව සඳහන් කර ඇත.

පලස්තීනයේ සමගිය උදා කර ගැනීමේ සියලු පියවරයන්‍ පිළිගැනීම හා ඊට පෙළඹවීම ද අවශ්‍ය ය. පලස්තීන ජාතිකයන්ගේ සමගිය, පලස්තීනයේ ස්වයං පාලනය, සම්පූර්ණ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍ර‍වාදය, තිරසර බව, ප්‍රායෝගික බව හා ස්වාධිපත්‍යය සහිත පලස්තීනයට ඉතා වැදගත් බව Stephane Dujarric මහතා  එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම