බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
2024-07-24 14:48:01
Share with:

බදු අභියාචනා ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි දේශීය ආදායම් දෙපාර්‌තමේන්තුවේ ආදායම් තීරණයක් පිළිබඳ අතෘප්තියට පත් වන යම් බදු ගෙවන්නෙකුට එම තීරණය පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

ඒ සම්බන්ධයෙන් වන සිය තීරණය වසර 2ක් නොඉක්මවීමට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් ලබා දිය යුතු වේ. එකී තීරණය පිළිබඳව ද අතෘප්තියට පත් වන යම් බදු ගෙවන්නකුට එම තීරණය සමාලෝචනය කිරීම සඳහා බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර, එවැනි සමාලෝචන ඉල්ලීමක් ලැබුණු දිනයේ බදු අභියාචනා කොමිෂන් සභාවේ තීරණය දින 270ක් තුළ ලබා දිය යුතු වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම