චීනය ඉලක්කගත අවේණික ක්‍රියාමාර්ග කෙබදුද යන්න පැහැදිලි‍ සඳහන් වීමක්
2024-07-24 14:41:57
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියෙන් චීනයේ අනාගත ඉලක්කයන් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් දැක ගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.

චීනය ඉලක්කගත අවේණික ක්‍රියාමාර්ග  සහ සැලසුම් සහගත ක්‍රියාමාර්ග තුළින් ඉදිරියට ගමන් කරන රටකි. ගෝලීය ආර්ථීකයේ කුළුණක් මෙන්ම ගෝලීය ආර්ථික වර්ධනයේ එන්ජිමක් ලෙස ගෝලීය කර්මාන්ත සහ සැපයුම් දාමයේ ස්ථායීතාව වෙනුවෙන් චීනය ප්‍රධාන කාර්යභාරයක් ‍ඉටු කරමින් සිටී. එම වගකීම අඛණ්ඩ ඉටු කිරීමේ චීනයේ කැපවීම මෙවර සැසිවාරය තුළින් යළි ඉස්මතුවූ බවද වීරසුමන වීරසිංහ මහතා සඳහන් කරයි.

මීට වසර ගණනාවකට පෙර චීනයේ ඉලක්කය වූයේ 2025 වනවිට අන්ත දිළිදුකම නැති කිරීමේ ඉලක්කයයි. එහෙත් 2021දී එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට චීනයට හැකිවිය. මේ සියවසේ මැද කාලයේ නවීන සමාජවාදී රාජ්‍යයක් බවට පත්වීමේ ඉලක්කයෙන් යුතුව චීනය ඉදිරියට ගමන් කරමින් සිටී. මෙවර තුන්වැනි සැසිවාරයේදි එම ඉලක්කය වෙත යන ගමන කෙබදුද යන්න ඉතා පැහැදිලි‍ සඳහන් විය. වසර 2035 වනවිට උසස් ප්‍රමිතියෙන් යුත් නවීන‍ වෙළෙඳපොළ ආර්ථීකයක් ගොඩනගන්නේ කෙසේද යන්න සහ එහිදී අනුගමනය කරන ක්‍රියාමාර්ගද මෙවර සැසිවාරයේ දී මනාව ඉදිරිපත් වූ බව හෙතෙම කියා සිටී.

මෙම නවීන සමාජවාදී ශක්තිමත් රටක් ගොඩනැඟීමට යන ගමන තුළ චීනය පමණක් නොව චීනය හා සමපාත අදහස් දක්වන රාජ්‍යයන් ගණනාවක් ඒ හා සමාන්තරව වර්ධනය වෙමින් පවතින බවද හෙතෙම පැවැසීය.

චීනයේ  මේ  ගමන් මග නිසැක වශයෙන්ම ලෝක ආර්ථිකයේ  ප්‍රධානම ගමන් මාර්ගය බවට පත්වීම පැහැදිලි බවත් ඒ තුළ ලෝක ආර්ථීක සහ ලෝක සාමය සඳහා වන ගමන් මගටද විශාල රුකුලක් යැයි ද හෙතෙම කියා සිටී.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලෙස චීනයේ මේ ගමන් මග සම්බන්ධයෙන් ඉතා ආස්වාදයෙන් පසුවන අතර ඊට උණුසුම් සුබපැතුම් එක්කරන බවද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම