7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන භූමියේ වපසරිය වර්ග මීටර් 3 ලක්ෂ 60 දහසකට අධික ප්‍රමාණයක් භාවිතයට ගිවිසුම් ගත වෙයි
2024-07-24 11:35:03
Share with:

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන නොවැම්බර් 5 වැනිදා සිට 10 වැනිදා දක්වා ෂැංහයි නගරයේ දී පැවැත්වෙයි.

එම ප්‍රදර්ශනය ආරම්භ වීමට දින 100 කට පෙර දිනය වන අද (24) චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන එජන්සිය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රදර්ශනයට අදාළ තත්ත්වය විස්තර කළේය.

50 කට වැඩි රටවල් හා ජාත්‍යන්තර සංවිධාන එම ප්‍රදර්ශනයට එක් වනු ඇති අතර, ඒ අතරින්, නෝර්වේ රාජ්‍යය, බෙනින් රාජ්‍යය, බුරුන්ඩි රාජ්‍යය, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල ප්‍රථම වරට එම ප්‍රදර්ශනයට සහභාගී වන බව වාර්තා වෙයි.

මෙවර ව්‍යවසාය ප්‍රදර්ශනය ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන, මෝටර් රථ, තාක්ෂණික උපකරණ, පාරිභෝගික භාණ්ඩ, වෛද්‍ය උපකරණ සහ සෞඛ්‍ය සේවා, සේවා වෙළෙඳාම යන ප්‍රධාන ප්‍රදර්ශන ඛාණ්ඩ හයකින් සමන්විත වන ‍අතර, විශේෂ නවෝත්පාදන ඛාණ්ඩයක් ද නිර්මාණය කරයි. මේ දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන භූමියේ වපසරිය වර්ග මීටර් 3 ලක්ෂ 60 දහසකට අධික ප්‍රමාණයක් භාවිතයට ගිවිසුම්වලට අත්සන් තබා ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම