Lai Ching-te ගේ බෙදුම්වාදී ප්‍රකාශයන්ට දැඩි විරෝධය
2024-07-23 09:16:12
Share with:

චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te මෑතකදී එම ප්‍රදේශය සම්බන්ධයෙන් බෙදුම්වාදී ප්‍රකාශයක් සිදු කර ඇත. ඒ පිළිබඳ අදහස් දක්වමින් චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා ඊයේ(22) පැවසුවේ Lai Ching-te මෑතකදී සිදු කළ මෙම ප්‍රකාශය මගින් තායිවාන ප්‍රදේශයේ ඊනියා ස්වාධීනත්වය පිළිබඳ සිතුවක්කාරී මෙහෙයවන්නෙකු  සහ  වරදකරුවෙකු ලෙස ඔහුගේ සැබෑ ස්වභාවය යළිත් වරක් පෙන්නුම් කර ඇති බවයි.

Chen Binhua මහතා ඊයේ(22) මේ බව ප්‍රකාශ කළේ චීන තායිවානයේ ඊනියා ස්වාධීනත්වය ඉල්ලා සිටින Lai Ching-te ගේ බෙදුම්වාදී වාචාල ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් බවත්, එය කිසිවිටකත් ස්වාධීන රටක් නොවූ අතර කිසිදිනක ස්වාධීන රටක් නොවනු ඇති බව ද හෙතෙම පැවසීය.

තායිවාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ බලධාරීන් ඉතිහාසය, යථාර්ථය සහ මහජන කැමැත්ත නොසලකා හරිමින් අසාධාරණ ලෙස ඊනියා "තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වය" යන බෙදුම්වාදී ස්ථාවරයේ සිටී. එය එකම චීනය මූලධර්මයට එරෙහි වීමක් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටලුකාරී තත්ත්වයක් උත්සන්න විය හැකි බව ද Chen Binhua මහතා  වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම