‘බෙයිජිං ප්‍රකාශනයෙන්’පලස්තීන ජනතාවට නව බලාපොරොත්තුවක්
2024-07-23 16:46:08
Share with:

චීනයේ ඇරයුමට අනුව පලස්තීනයේ පාර්ශ්ව 14ක උසස් නියෝජිතයන් පසුගිය 21වනදා සිට අද(23) දක්වා බෙයිජිංහිදී සංහිඳියා සංවාද පැවැත්වූ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා අද(23) එම සංහිඳියා සංවාදයේ සමාප්ති උත්සවයට එක් වෙමින් දේශනයක් සිදු ක‍ළ බව Mao Ning මහත්මිය කීවාය.

පලස්තීනයේ පාර්ශ්ව 14 අතර සංහිඳියාව මෙවර සංවාදයේ වැදගත් ම එකඟතාව බවට පත් වන බව වං යී මහතා එහිදී පැවසීය. පලස්තීන විමුක්ති සංවිධානය, පලස්තීන ජනතාවගේ එකම නිත්‍යනුකූල නියෝජිතයා ලෙසට  පත්වීම, මෙවර සංවාදයේ කේන්ද්‍රීය ප්‍රතිඵලයක් බව වං යී මහතා කීය. ගාසා තීරයේ පශ්චාත් සංවර්ධනය හා තාවකාලික ජාතික සංහිඳියා රජය ස්ථාපිත කිරීම පිළිබඳ විවිධ පාර්ශ්ව එකඟතාවට පැමිණීම, මෙවර සංවාදයේ කැපී පෙනෙන ප්‍රතිඵලයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙවර සංහිඳියාව මත පලස්තීනයේ විවිධ පාර්ශ්වයන්‍ට කඩිනම් ජාතික එකමුතුව හා ස්වාධීන රටක් ගොඩනැගීමට හැකිවෙතැයි චීනය අපේක්ෂා පළ කරන බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම