යේමනයේ තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක්
2024-07-23 10:38:56
Share with:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යේමනයේ තත්ත්වය පිළිබඳව හදිසි රැස්වීමක් ඊයේ(22) පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සාමය ගොඩනැඟීමේ කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් Rosemary DiCarlo මහත්මිය එහිදී අදාළ තත්ත්වය  සම්බන්ධයෙන් පැහැලිදි කිරීමක් සිදු කර ඇත .

යේමනයේ හොඩෙයිඩා නගරයේ සහ ලෙබනන-ඊශ්‍රායල තාවකාලික දේශසීමා කලාපයේ මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් උත්සන්නව ඇති බව DiCarlo මහත්මිය පැවසුවාය. එමෙන්ම ගාසා තීරයේ වහාම මානුෂීය සටන් විරාමයක් ආරම්භ කර, රඳවා සිටින සියලු දෙනා නිදහස් කළ යුතු බව ද ඇය යළිත් අවධාරණය කළා ය.

මෙම නොසන්සුන්කාරී තත්ත්වයෙන් ගාසා තීරයේ ගැටුම් වේගයෙන් බාහිරට ව්‍යාප්ත වීමක් පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා පැවසුවේය. චීනය මේ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන අතර තවදුරටත් ගැටලු උත්සන්න වීම හෝ පාලනයෙන් තොර වීම වළක්වා ගැනීම සඳහා සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

"ද්වි-රාජ්‍ය විසඳුමේ" දේශපාලන අපේක්ෂාව පුනර්ජීවනය කරන ලෙස චීනය ඉල්ලා සිටින බවත්, "ද්වි-රාජ්‍ය විසඳුම" ක්‍රියාත්මක කිරීමට කාලසටහනක් සහ මාර්ග සිතියමක් සැකසීම සඳහා වඩාත් විශාල, වඩාත් බලයලත් සහ වඩාත් ඵලදායී ජාත්‍යන්තර සාම සමුළුවක් කැඳවිය යුතු බවත් Fu Cong මහතා නැවත අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම