"නව යුගයේ චීනයේ ගැඹුරු වන ප්‍රතිසංස්කරණ සඳහා ලෝක අවස්ථා" හි ඇමරිකානු විශේෂ සැසිවාරය නිව්යෝරක් නුවර දී
2024-07-23 18:41:08
Share with:

චීන මාධ්‍ය සමූහය සත්කාරකත්වය දරන "නව යුගයේ චීන ප්‍රතිසංස්කරණය ගැඹුරු කිරීමෙන් ලෝකයට ගෙන එන අවස්ථා" යන මැයෙන් ගෝලීය සංවාදය පිළිබඳ ඇමරිකානු විශේෂ සැසිවාරය ඊයේ (22) නිව්යෝර්ක් හිදී පැවැත්විණ.

ඇමරිකානු චින්තන පර්ෂද, ව්‍යාපාරික කව සහ ශාස්ත්‍රීය කව  නියෝජනය කරමින් සියයකට ආසන්න ආරාධිතයෝ චීනයේ ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු කිරීම සහ චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම මගින් විවිධ රටවල පොදු සංවර්ධනයට සහ මානව ශිෂ්ටාචාර ප්‍රගතියට ගෙන එන අවස්ථා පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්හ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වමින් කියා සිටියේ, මාධ්‍ය වගකීම් සක්‍රීයව ඉටු කරන චීන මාධ්‍ය සමූහය මානව හා සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීමෙහි නිරත වන බවයි. නව යුගයේ චීනයේ ගැඹුරු ප්‍රතිසංස්කරණයන් හී අවස්ථා ලෝකයට බෙදා ගැනීම සඳහා චීන මාධ්‍ය සමූහය විවිධ සංස්කෘතික ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන යනාදිය සමඟ පුළුල් ලෙස සහයෝගයෙන් කටයුතු කරන බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම