ජනාධිපතිවරණය නිසි කලට පවත්වන බවට ජනාධිපතිවරයා ගෙන් සහතිකයක්
2024-07-23 15:28:39
Share with:

අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතිකයක් ලබා දී තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මෙම සහතිකය ලබාදී ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (22) පස්වරුවේ පවත්වා ඇති අතර එහිදී වසර දෙකක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකර තිබේ.

ජනාධිපතිවරණය කල් දැමීමට තමන් උත්සාහ දරණ බවට විපක්ෂය කුමන මත පළකළ ද අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන අතර මේ වසර තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන නොමැති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇති බව වාර්තා වේ.

පසුගිය සමය ඉතා දුෂ්කර කාලයක් වූ බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම