යළි තේරී පත් වූ රුවන්ඩා ජනාධිපතිවරයාට චීන ජනපතිගෙන් සුබපැතුම්
2024-07-23 17:14:23
Share with:

රුවන්ඩා ජනාධිපති යුරයට යළි තේරී පත් වූ Paul Kagame මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් පිරිනමයි. එම පණිවුඩය අද(23) යොමුකෙරිණ.

රුවන්ඩාව චීනයේ සාම්ප්‍රදායික මිත්‍ර රටක් බවත් මෑත වසරවල දෙරටේ සබඳතාව වේගවත් වර්ධනයක පවතින අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාවල ප්‍රතිඵල රැසක් අත්පත් කරගෙන තිබෙන බවත් ෂී ජින් පිං මහතා සිය පණිවුඩයෙන් කියාසිටී.

දෙපාර්ශ්වයේ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු කොට විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කරමින් දෙරටේ සබඳතාව නව මට්ටමකට ඉහළ නංවා ගැනීම සඳහා තමා Paul Kagame මහතා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම