ඇමරිකානු උප ජනාධිපතිනිය ඩිමොක්‍රටික් අපේක්ෂතවයට අදාළ පක්ෂයේ සහයෝගය තහවුරු කර ගනී
2024-07-23 16:21:02
Share with:

ඇමරිකානු උප ජනාධිපතිනී Kamala Harris මහත්මිය ඊයේ (22) රාත්‍රී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇය‍ට ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වයට අවශ්‍ය පක්ෂ සහයෝගීත්වය තහවුරු කර ගැනීමට හැකිව ඇති බවයි.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට අවශ්‍ය සහයෝගය තමාට ලැබී බවත් හැකි ඉක්මනින් නාමයෝජනා නිල වශයෙන් පිළිගැනීමට බලාපොරොත්තු වන බවත් Kamala Harris මහත්මිය පැවසුවාය. නොවැම්බර් මාසයේ දී හිටපු ඇමරිකානු ජනාධිපති සහ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක Donald Trump මහතා පරාජය කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය සහ ඇමරිකාව ඒකාබද්ධ කරන බව ඇය පැවසුවාය.

Kamala Harris මහත්මිය ඊයේ (22) ඩෙලවෙයාර් හි මැතිවරණය පිළිබඳ කණ්ඩායමේ මූලස්ථානයට ගොස් දේශනයක් පැවැත්වීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම