Von der Leyen මහත්මිය යුරෝපා සංගමයේ සභාපති ධුරයට යළි තේරී පත්වීම පිළිබඳ චීන අගමැතිගෙන් සුබ පැතුම්
2024-07-23 19:43:23
Share with:

Von der Leyen මහත්මිය යුරෝපා සංගමයේ සභාපති ධුරයට යළි තේරී පත්වීම පිළිබඳ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා අද(23) සුභපැතුම් පණිවුඩයක් පිරිනමයි.

යුරෝපා සංගමය සමග සබඳතාව, යුරෝපා සංගමයේ වැදගත් කාර්යභාරය හා බලපෑම චීන රජය තිරසරව අගය කරන බව ලී ච්‍යං මහතා එම පණිවුඩයේ සඳහන් කළේය. වර්තමානයේ චීන යුරෝපා සබඳතාව ස්ථීර ලෙස වර්ධනය වෙමින් ද්විපාර්ශ්වික සංවාද හා සහයෝගිතා සක්‍රීය ප්‍රතිඵල ලබා ගෙන තිබේ. යුරෝපය සමග අන්‍යෝන්‍ය වාසි සහගත සහයෝගිතා ශක්තිමත් කරමින් ජනතාවගේ සුභසෙත සැලසීම, ලෝක සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිය රැකගැනීම වෙනුවෙන් වඩාත් වැඩි දායකත්වයක් දැරීමට චීනය කැමැත්තෙන් සිටින බව ලී ච්‍යං මහතා එම පණිවුඩයේ සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම