චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ තවත් පියවරක් සාර්ථක වේ
2024-07-23 14:44:02
Share with:

චීන ගගනගාමීන් සඳ මතට රැගෙන යාමේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනෙන, ඔවුන් ගමන් ගන්නා වාහක රොකට්ටුවේ ප්‍රධාන එන්ජිමේ අභ්‍යවකාශ දුරස්ථක ප්‍රතිරූපක අත්හදා බැලීම සාර්ථක වේ.

ඉදිරියේ දී චීන ගගනගාමීන් සඳ මතට රැගෙන යාම සඳහා භාවිත කරන, කොටස් තුනකින් යුත්, දියර් හයිඩ‍්‍රජන් හා දියර් ඔක්සිජන්වලින් සමන්විත නව පරම්පරාවේ ගගනගාමීන් සහිත වාහක රොකට්ටු එන්ජිමේ අභ්‍යවකාශ දුරස්ථක ප්‍රතිරූපක අත්හදා බැලීම මෑතකදී සාර්ථකව සම්පූර්ණ කෙරිණ. එම අත්හදා බැලීම ඔස්සේ මෙම එන්ජිම අභ්‍යවකාශය තුළ දිගු කාලීනව ක්‍රියා කරවීමේ හැකියාව සහතික කෙරෙනු ඇත.

මෙම අභ්‍යවකාශ දුරස්ථක ප්‍රතිරූපක අත්හදා බැලීම සාර්ථකව සිදු වීම මගින් චීනයේ දියර් හයිඩ්‍රජන් හා දියර් ඔක්සිජන් එන්ජිමේ අභ්‍යවකාශ ප්‍රතිරූපක අත්හදා බැලීමේ හැකියාව තත්පර දහස් ගණනකට ළඟා වීම පිළිබිඹු කරයි. ඒ අනුව, චීන ගගනාගාමීන්ගේ චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම