උද්ධම‍නයේ වැඩිවීමක්
2024-07-23 15:13:53
Share with:

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජුනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව 2024 මැයි මාසයේ දී 1.6%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජුනි මාසය සඳහා 2.4%ක් දක්වා වැඩි වී ඇත.

2024 මැයි මාසයේ දී 0.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2024 ජුනි මාසයේ දී 1.9%ක් දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම, 2024 මැයි මාසයේ දී 2.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ජුනි මාසයේ දී 2.7% ක් දක්වා වැඩි වී ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම