සාකච්ඡා මගින් පලස්තීනයට සාමකාමී විසඳුමක් සාක්ෂාත් කරගැනීමට චීනයේ කැපවීම අඛණ්ඩව
2024-07-22 16:13:08
Share with:

පලස්තීනයේ විවිධ පාර්ශ්වයන්ට සංවාද හා සාකච්ඡා මගින් සාමකාමී විසඳුමක් සාක්ෂාත් කරගැනීමට චීනය මුල සිට ම සහාය වේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

චීනයේ ප්‍රධානත්වයෙන් පලස්තීනයේ විවිධ පාර්ශ්වයන්ගේ දෙවැනි වටයේ සාම සාකච්ඡාව මේදිනවල බෙයිජිංහි දී පැවැත්වේ. ඒ පිළිබඳව Mao Ning මහත්මිය පැවසුවේ, පලස්තීනය හැකි ඉක්මනින් සමගිය හා එක්සත්භාවය සාක්ෂාත් කර ස්වාධීන රටක් ගොඩනැගීමට චීනය මුල සිටම අනුබල දෙන බවයි. 

චීනය ඒ සඳහා උපරිම උත්සාහයන් ගෙන ඇත. මෙවර සාම සාකච්ඡාව පිළිබඳ නිශ්චිත තත්ත්වය සම්බන්ධයෙන්, චීනය සුදුසු වේලාවට අදාළ තොරතුරු නිකුත් කරනු ඇතැයි ද Mao Ning මහත්මිය එහිදී කියා සිටියාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම