රටේ න්‍යාය පත්‍රයට අනුව දේශපාලනය සකස් විය යුතු බව ජනපති කියයි
2024-07-22 15:21:08
Share with:

රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිම ඉඩක් නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අවධාරණය කරයි.

රටේ න්‍යාය පත්‍රයට අනුව දේශපාලනය සකස් විය යුතුය.

එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේ කඩවත බස් නැවතුම්පොළ අසල ඊයේ පැවති ජන රැළියක් අමතමිනි.

තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ.

ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. තවත් වසර 20කින් දළ දේශීය නිෂ්පාදනය පස් ගුණයකින් වර්ධනය  කර ගැනීමට සැලසුම් කර ඇත. දැනටමත් අධ්‍යාපනයේ පුළුල් නවීකරණයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම