Ren’ai ගල්පරය ඇතුළු Nansha දූපත් සමූහය සම්බන්ධයෙන් තම රට සතු ස්වෛරීභාවය චීනය යළි අවධාරණය කරයි
2024-07-22 11:10:23
Share with:

 Ren’ai ගල්පරය ඇතුළත් වන Nansha දූපත් සමූහය හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශය සම්බන්ධයෙන් චීනයට ස්වෛරීභාවයක් ඇති බව යළි අවධාරණය කෙරේ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා මේ පිළිබඳව කරුණු දක්වා ඇත.

Ren’ai ගල්පරය පිහිටි කලාපයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මූලධර්ම තුනක් චීනය ඉදිරිපත් කර ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

Ren’ai ගල්පරයේ දිගු කලක් නීතිවිරෝධීව රඳවා ඇති පිලිපීන යුද නෞකාව ඉවත් කොට Ren'ai ගල්පරය, මිනිසුන් හා උපකරණවලින් තොරව ‍මින් පෙර පැවති තත්ත්වයට පත් කළ යුතු බව චීනය තවදුරටත් ඉල්ලා සිටී.

එසේම, නංගුරම් ලා ඇති යුද නෞකාව ඉවතට රැගෙන යාමට පෙර එහි සිටින පිරිසට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට පිලිපීනය අපේක්ෂා කරන්නේ නම්, චීනය එහිදී මානුෂීය දෘෂ්ටි කෝණයක හිඳ ක්‍රියා කරනු ඇත. පිලිපීනයේ පූර්ව දැනුම් දීමකින් පසු කරුණු විමසා බලා එම ද්‍රව්‍ය ප්‍රවාහනයට අවසර ලබාදෙන බව ද චීනය පවසයි. එම සම්පූර්ණ ක්‍රියාවලිය චීනය විසින් නිරීක්ෂණය කෙරෙනු ඇත.

මීට අමතරව පිලිපීනය ගොඩනැගිලි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එම යුද නෞකාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කරන්නේ නම්, චීනය එය නීත්‍යනුකූලව අවහිර කිරීමට පියවර ගනු ඇත.

ඉහත මූලධර්ම තුන මත පදනම්ව Ren'ai ගල්පරය ආශ්‍රිත තත්ත්වය කළමනාකරණය සහ පාලනය කිරීම පිළිබඳව මෑතකදී චීනය පිලිපීනය සමග අඛණ්ඩව උපදේශනයන් හි නිරතව සිටී. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ද තාවකාලික පියවරකට එකඟතාව පළවී ඇත. පවතින තත්ත්වය ඒකාබද්ධව කළමනාකරණය කිරීමටත්, දකුණු චීන මුහුදේ තත්ත්වය සමනය කිරීමට පියවර ගන්නා බවටත් දෙපාර්ශවය එකඟ වී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම