දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්
2024-07-22 15:18:28
Share with:

වසර 62ක දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ආයුර්වේද ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කර පසුගිය සතියේ දී  ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ අතර  එය දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ලද සුවිශාල ජයග්‍රහණයක් බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

එම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය තුළින් පාරම්පරික හෙළ වෙදකම, උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු, සිද්ධ, වෛද්‍ය ක්‍රම ආදී මේ සියල්ල සංරක්ෂණය කිරීමටත්, බෙහෙත් වට්ටෝරුවලට, ඖෂධ වර්ගවලට නෛතික ආරක්ෂාව සැලසීමට මෙමගින් හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම