ගංවතුර අවදානමට නිසි ලෙස මුහුණදෙමින් නිෂ්පාදන කටයුතුවල ආරක්ෂිතභාවය සහතික කරන්නැයි චීන රාජ්‍ය මණ්ඩලය උපදෙස් දෙයි
2024-07-22 14:33:10
Share with:

ගංවතුර වැඩියෙන් හටගන්නා මේ දිනවල නිෂ්පාදන කටයුතුවල ආරක්ෂිතභාවය සහතික කිරීම සඳහා චීන රාජ්‍ය මණ්ඩලය උපදෙස් දෙයි.

ආන්තික කාලගුණ තත්ත්වය හමුවේ නිෂ්පාදන කටයුතුවලදී සිදුවන අනතුරු වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙස චීන රාජ්‍ය මණ්ඩලය ඊයේ (21) හදිසි නිවේදනයක් නිකුත් කරමින් විවිධ ප්‍රදේශ හා අදාළ අංශවල බලධාරීන්ගෙන් සහ මධ්‍යම රජයේ පාලනය යටතේ ඇති ව්‍යාපාරවලින් ඉල්ලීමක් කර ඇත.

මෙම වසරේ ගංවතුර තත්ත්වය උද්ගත වන කාලයේ අවිනිශ්චිත සාධක කැපීපෙනෙන ලෙස වර්ධනය වූ නිසා ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ක්‍රියා කළ යුතු බව එහි සඳහන් වේ. නිෂ්පාදන කටයුතු සහතික කිරීමට සුපරීක්ෂාකාරීව හා වගකීම්සහගතව කටයුතු කළ යුතු බව ද එමගින් දැනුම් දී ඇත.

 එසේම, දැවැන්ත අනතුරු අවදානම් පිටුදැකීම, ප්‍රමුඛ මෙහෙවර ලෙස සලකමින් ආරක්ෂිතව නිෂ්පාදන කටයුතු සිදුකිරීමේ විධිවිධාන පිළිබඳ පුද්ගල වගකීම් පැහැදිලි කර ක්‍රියාත්මක කළ යුතුය. විවිධ අවදානම් හා සැඟවුණු අනතුරු සම්පූර්ණයෙන් හඳුනාගනිමින් ගංවතුර පවතින සමයේ සුරක්ෂිත නිෂ්පාදනය සහතික කළ යුතු බව ද එම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම