ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට
2024-07-22 15:38:20
Share with:

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,  ආර්ථිකයේ වර්ධනයට බාධාවක් නොවන අයුරින් එළැඹෙන මැතිවරණ සමය ගෙවී යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

තුන්වැනි වාරිකය නිදහස් කරගැනීමට අදාළ දෙවැනි සමාලෝචනය අවසන් වූ පසු තුන්වැනි සමාලෝචනයට සූදානම් විය යුතුය. එහෙත් මෙය තුන්වැනි සමාලෝචනයට අදාළ දුත මණ්ඩල සාකච්ඡාවක් නොවන බවද හෙතෙම කියා සිටී. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රගතිය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට එම දූත මණ්ඩලය ලබන සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම