ශැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වයේ වගකීම් හා යුතුකම් ඉටු කිරීමට චීනය දායක වෙයි
2024-07-22 17:04:51
Share with:

ශැංහයි සහයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය දරන රට ලෙසට කටයුතු කරමින් සිටින බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාෂිකා Mao Ning මහත්මිය අද(22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය.

ඇය පැවසුවේ මෙම මස ආරම්භයේ පැවති අස්තානා සමුළුවෙන් පසුව ශැංහයි සහයෝගිතා සංවිධානයේ 2024-2025 වාරික සභාපති රට බවට චීනය නිල වශයෙන් පත්ව ඇති බවයි. මේ සමග ලබන වසරේ චීනය එහි සමුළුව පවත්වනු ඇත. මෙය ඉහළින් වැදගත් කොට සලකන චීනය, මේ වන විට වාරික සභාපතිත්වයට අදාළ කාර්යයන් ආරම්භ කර තිබේ. මේ සඳහා ශැංහයි සහයෝගිතා සංවිධානයට අයත් හවුල්කරුවන් සමග දේශපාලනය, ආරක්ෂාව, ආර්ථිකය හා මානව සම්පත් ඇතුළු ක්ෂේත්‍රවල සහ‍යෝගිතා තහවුරු කරමින් එම සංවිධානයේ කලාපීය වශයෙන් ඉටු කරන වැදගත් කාර්යභාරයන් තහවුරු කිරීමට චීනය සූදානම් බව ද Mao Ning මහත්මිය එහිදී කියා සිටියාය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම