අභාවප්‍රාප්ත පක්ෂ ප්‍රධානියා වෙනුවෙන් වියට්නාමයේ ජාතික ශෝක කාලයක්
2024-07-21 14:58:06
Share with:

වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ, මධ්‍යම කාරක සභාවේ මහා ලේකම් Nguyen Phu Trong මහතාගේ අභාවය නිමිත්තෙන් එරට දෙදින රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කෙරේ.  ජූලි 19 වැනිදා අභාවප්‍රාප්ත වූ Nguyen Phu Trong මහතා ඒ වනවිට 80 වැනි වියේ පසුවිය.

 වියට්නාම කොමියුනිස්ට් පක්ෂය, ජනාධිපතිවරයා සහ රජය විසින් ඊයේ (20) මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව, ජූලි 25,26 දෙදින රාජ්‍ය කාර්යාලවල සහ පොදු ස්ථානවල ජාතික ධජ අඩකුඹු කෙරෙන අතර විනෝදාස්වාද ක්‍රියාකාරකම් අත්හිටුවීමට පියවර ගැනේ.

 දේහයට ගෞරව දැක්වීම, ගුණානුස්මරණය සහ භූමදානය ඇතුළු අවමංගල උත්සවය හැනොයි අගනුවරදී පැවැත්වේ. මීට සමගාමී තවත් ගුණානුස්මරණ උත්සව මාලාවක්, හෝ චි මිං නගරයේ සහ Nguyen Phu Trong මහතාගේ උපන් ගම වූ  Dong Hoi ප්‍රදේශයේදී  ද පැවැත්වෙනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම