බංකොලොත් ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක්
2024-07-21 16:27:01
Share with:

බංකොලොත් ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විධිවිධාන එම කෙටුම්පතට අන්තර්ගත වන බව ද හෙතෙම කියාසිටී.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ‘ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සම්මේලනය’ විසින් කොළඹදී සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමිනි. ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ජවයෙන් ආර්ථිකය පණගැන්වීමේ තීරණාත්මක ඇරඹුම’ ලෙස එය නම් කර තිබිණ.

මෙරට ව්‍යවසායකයන්ට සහාය ලබාදීම සඳහා ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ නමින් නව ආයතනයක් බිහිකරන බවත්, ඔවුන් දිරිගැන්වීමට රජය කැපවී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම