යේමනයට එල්ල වූ ගුවන් ප්‍රහාරය කෙරෙහි ජගත් මහලේකම්වරයාගේ දැඩි අවධානය
2024-07-21 15:10:28
Share with:

යේමනයට එල්ල වූ ගුවන් ප්‍රහාරය කෙරෙහි දැඩි අවධානය යොමුකර ඇතැයි, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා පවසයි. යේමනයේ Hodeidah වරාය හා ඒ ආසන්න ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරය පිළිබඳව, සිය ප්‍රකාශකයා මගින් නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම ඊයේ (20) මේ බව කියා සිටියේය. 

අදාළ ප්‍රහාරයේ වගකීම භාරගන්නා බව ඊශ්‍රායලය පවසා ඇත. මෑත වසර කිහිපය තුළ හූති සංවිධානය තම රටට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස එම පියවර ගත් බවද ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ. 

ප්‍රහාරයෙන් කිහිපදෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 80 දෙනෙකුට තුවාල සිදු වූ බව වාර්තා විය. එසේම, සිවිල් යටිතල පහසුකම්වලට ද හානි සිදුව ඇත. මේ අයුරින් සාමාන්‍ය ජනතාවට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස António Guterres මහතා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එම ප්‍රදේශවල තත්ත්වය තවදුරටත් උග්‍ර වීමේ අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවත්, උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් ජගත් මහලේකම්වරයා දැනුම් දී ඇත. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම