අතරමැදි කන්නයේ මුං වගාව සඳහා ගොවීන්ට සහන
2024-07-21 16:41:09
Share with:

2024 යල කන්නයේ කුඹුරුවල අස්වනු නෙළීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගනී. ඒ, අතරමැදි කන්නයක් වශයෙනි.

ඒ අනුව, හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝ 25 ක් බැගින් නොමිලේ ගොවීන් වෙත ලබාදීමට නියමිතය. එසේම, ගොවියෙකුට රුපියල් 25,000 ක මුදලක් වෙන් කිරීමට ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගනු ඇත.

මෙවර අතරමැදි කන්නයේ දී අක්කර 63,750 ක මුං වගා කිරීමට සැලසුම් කර තිබේ. දැනට මෙරට වාර්ෂික මුං ඇට අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 20,000 කි. අතරමැදි කන්නයේ වගාව මගින් මෙම වසරේ එය සපුරාගත හැකිවනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටී.

එසේම, අතරමැදි කන්නයේ මුං වගාව සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ගොවි භාරකාර අරමුදල මගින් ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති පරිදි මෙරට මුං වගාව සඳහා වැඩිම විභවයක් සහිත දිස්ත්‍රික්ක වන්නේ හම්බන්තොට, මොනරාගල හා අම්පාර යි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම