අඛණ්ඩව ශක්තිමත් වන චීන-සොලමන් දූපත් රාජ්‍ය සබඳතාව
2024-07-21 15:56:17
Share with:

ජූලි මස 12වනදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙයිජිංහිදී සොලමන් දූපත් රාජ්‍යයේ අගමැති Jeremiah Manele මහතා හමු විය. අගමැතිවරයාගේ චීන නිල සංචාරය තුළදී ‘චීනය හා සොලමන් දූපත් රාජ්‍යය අතර ඒකාබද්ධ නිවේදනය’ නිකුත් කෙරිණ.  ඒ අනුව නව යුගයේ අන්‍යෝන්‍ය ගරුත්වයෙන් යුත් පොදුවේ සංවර්ධනය කරන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කරමින් පොදු ඉරණමක් සහිත චීන-සොලමන් දූපත් රාජ්‍ය ප්‍රජාව ගොඩනැගීමට දෙරට එකඟ වී තිබේ.

චීන මාධ්‍ය සමූහයේ වාර්තාකාරිනියක් සොලමන් දූපත් රාජ්‍ය අගමැති Jeremiah Manele මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඔහු විශේෂයෙන් ම චීන ජනාධිපතිවරයා හමු වූ අවස්ථා සිහිපත් කරමින් ඔහුව අගය කළේය. 

මෑත වසරවල ෂී ජින්පිං මහතා ගෝලීය සංවර්ධන මුලපිරුම ඇතුළු මුලපිරුම් රැසක් ඉදිරිපත් කළ බවත් ජගත් ප්‍රජාව මේ පිළිබඳව සිතා බලා ඊට සහයෝගය දැක්විය යුතු බවත් සොලමන් දූපත් රාජ්‍ය අගමැතිවරයා පැවසීය. ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ මුලපිරුම්  මූලික වූයේ සාමකාමී සහපැවැත්ම, අන්‍යෝන්‍ය ගරුත්වය සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්ප මතය. එය ප්‍රශංසනීය ය. ඔහුගේ දූරදර්ශී චින්තනය කෙරෙහි ගෞරවය දැක්විය යුතු බව ද සොලමන් දූපත් රාජ්‍ය අගමැතිවරයා පැවසීය.

චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ගොඩනගා නොබෝ කළකින් පසුව සොලමන් දූපත් රාජ්‍යය එක් තීරයක් එක් මාවතක් වැඩපි‍ළිවෙළේ පොදු සංවර්ධනයට එක්විය. එම වැඩපිළිවෙළ හා තම රටේ ආර්ථික සංවර්ධන  උපායමාර්ගය අතර සම්බන්ධකම පිළිබඳව ඔහු අදහස් දැක්වීය.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ තම රටට අතිශයෙන් වැදගත් වන බවත් අප එහි කොටස්කරුවන් වී ඇති බවත් ඔහු පැවසීය. අදාළ රාමුව තුළ සොලමන් දූපත් රාජ්‍යයේදී චීන ආධාර සහිත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, සොලමන් දූපත් රාජ්‍යයේ ‘වසර 2016-2035 ජාතික සංවර්ධන උපායමාර්ගය’ සම්බන්ධ කිරීම පිළිබඳ නව සහයෝගිතා ලිපි ලේඛනයකට මෙවර චීන සංචාරය තුළදී දෙරට අත්සන් කළ බව ද ඔහු සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම