සේවය නිමවා යළි මවුබිමට පැමිණෙන විදේශගත ශ්‍රමිකයන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගන බව ජනපති කියාසිටී
2024-07-21 17:34:13
Share with:

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර යළි මවුබිමට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කුරුණෑගල පැවති  ‘විගමනික හරසර’ සමාරම්භක උළෙලට එක්වෙමින් හෙතෙම මේ බව කියාසිටියේය. විගමනික ශ්‍රමිකයන් රටේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඇගැයෙන මෙම දීපව්‍යාප්ත වැඩසටහන වයඹ පළාතින් ආරම්භ කෙරිණ.

පසුගිය කාලයේ රට මුහුණ පෑ ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයාදෙමින් විදේශගත ශ්‍රමිකයන් ලබා දුන් දායකත්වයට ස්තුතිය පිරිනැමූ ජනාධිපතිවරයා, ආර්ථිකය ඉදිරියට රැගෙන යාමට එය මහත් ශක්තියක් වූ බවද ප්‍රකාශ කළේය.

විගමනික ශ්‍රමිකයෙකුට ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා මූල්‍ය ප්‍රාග්ධනය ලෙස රුපියල් 50,000 බැගින් ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි.

විගමනික ප්‍රජාව ආර්ථික හා සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම, ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම හා අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අදහස් හා යෝජනා ලබාගැනීම ද මෙහිදී සිදුවිය.

ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම