Shaanxi පළාතේ අධිවේගී මාර්ගයේ පාලමක් කඩා වැටීමෙන් අනතුරට ලක්වූ ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සලසන ලෙස චීන ජනපතිගෙන් උපදෙස්
2024-07-20 15:23:49
Share with:

Shaanxi පළාතේ Shangluo නගරයේ Zhashui කෝරළයේ අධිවේගී මාර්ගයේ පාලමක් ඊයේ(19) රාත්‍රී ගංවතුර හේතුවෙන් කඩා වැටීමෙන් අනතුරක් සිදු විය. අනතුර සිදු වූ අවස්ථාවේ එහි ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් ගංඟාවට වැටී තිබේ. අනතුරෙන් අද (20) පෙරවරු 10 පමණ වනවිට පුද්ගලයන් 11 දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් 30 දෙනෙක් පමණ පිරිසක් අතුරුදන් බවද වාර්තා වේ. 

මෙම අනතුරු පිළිබඳ දැන ගත් විගස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කඩිනම් සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් උපදෙස් ලබා දුන්නේය. පවතින තත්ත්වය අනුව පළමු කටයුත්ත වනුයේ අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් කඩිනම් කරමින් මිය ගිය හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම අවම කර ගැනීමට උපරිමයෙන් උත්සාහ දැරීමයි. මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන්ට සංවේගය පළ කරමින් පශ්චාත් මරණ කටයුතු සඳහා මනාව සහාය දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

අනතුර සිදු වූ ස්ථානයට ආසන්න ප්‍රදේශයේ පවතින අනාරක්ෂිත සාධකයන් වහාම හඳුනා ගෙන, අනතුරු ඇඟවී‍ම් කටයුතු විධිමත්ව සිදු කළ යුතු ය. විද්‍යාත්මක පියවර අනුගමනය කර තවදුරටත් විපත් ඇති වීම වළක්වා ගත යුතු බවද හෙ‍තෙම සඳහන් කර තිබේ. 

මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ගංවතුර විපත් වළක්වා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත. ගංවතුර  ආපදා වැළැක්වීමේ කටයුතු වඩා වැදගත් කොට සලකා සිය වගකීම් නිසි පරිදි ඉටු කරමින් අනතුරු හඳුනා ගැනීම හා අනතුරු ඇඟවීම් කටයුතු ශක්තිමත් කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැප වී ක්‍රියා කරන ලෙස ද ජනාධිපතිවරයා ඒ ඒ ප්‍රදේශවලින් හා අදාළ අංශවලින් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම