චීන-කැනඩා විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
2024-07-20 16:03:46
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ කැනඩා විදේශ අමාත්‍ය Mélanie Joly මහත්මිය අතර ඊයේ (19) බෙයිජිංහිදී සාකච්ඡාවක් පැවැත්විණ.

මෑත වසරවල චීන-කැනඩා සබඳතා සඳහා යම් දුෂ්කරතා මතු වුව ද, එය චීනය කිසිවිටකත් අපේක්ෂා නොකරන අතර, කැනඩාව ද ඒ පිළිබඳව යළි සිතා බැලිය යුතු බව වං යී මහතා එම අවස්ථාවේදී පැවසීය. ඉතිහාසය පාඩමක් කර ගෙන, ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ අදාළ පොරොන්දුවලට අනුව රාජ්‍යතාන්ත්‍රික සබඳතාව නිවැරදි දිශාවක් ඔස්සේ පවත්වා ගෙන යමින් ද්විපාර්ශ්වික සබඳතා‍ යථා තත්ත්වයට පත් කිරීම ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.  එමෙන්ම කැනඩාව ප්‍රායෝගික පියවර ගනිමින්  දෙරටේ ජනමත පදනම වැඩිදියුණු කළ යුතු බව ද අවධාරණය කෙරිණ. ඊට අමතරව, තායිවාන ප්‍රදේශය,  ටිබෙට් ස්වායත්තය, ෂින්ජියං උයිගුර් ස්වායත්තය, හොංකොං විශේෂ පරිපාලන කලාපය ඇතුළු ප්‍රදේශ පිළිබඳ ප්‍රශ්න චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර, එයට කිසිදු බාහිර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව ද වං යී මහතා එහිදී යළි පැහැදිලි කළේය.

චීනය සමග සබඳතාව ක්‍රියාකාරීව හා ප්‍රායෝගිකව වැඩිදියුණු කිරීමට කැනඩාව කැමැත්තෙන් සිටින බව Mélanie Joly මහත්මිය එහිදී පෙන්වා දුන්නාය. එකම චීනය මූලධර්මය කැනඩාව අඛණ්ඩව අනුගමනය කරනු ඇතැයි ද ඇය සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම