චීන සංවර්ධනයේ නව ප්‍රවණතා සමස්ත ලෝකයට බලපානුයේ කෙසේ ද?
2024-07-20 20:34:47
Share with:

මෑතකදී පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේදී චීනයේ ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීමේ නව සැලසුම ඉදිරිපත් කෙරිණ. විවිධ ප්‍රදේශවල තත්ත්වයන්ට අනුකූලව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමේ යාන්ත්‍රණය හා පද්ධතිය පරිපූර්ණ කළ යුතු බව එහිදී සඳහන් කෙරේ. 

අදාල ප්‍රතිසංස්කරණ ගැඹුරට ක්‍රියාත්මක කිරීම මගින්, නව ගුණාත්මක ඵලදායිතාව බිහි කිරීම, සංවර්ධනය කිරීම හා ශක්තිමත් කිරීම සඳහා වඩා යහපත් පරිසරයක් නිර්මාණය කිරීමටත් උසස් ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය සාක්ෂාත් කර චීන මාදිලියේ නවීකරණය ඉදිරියට ගෙන යාමටත් චීනය අධිෂ්ඨාන කර ගත් බව ඉන් පිළිබිඹු වූ බව විශ්ලේෂකයෝ පවසති. 

චීනයේ නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමේ චින්තනය ඉතා පැහැදිලිය. නවීකරණ කර්මාන්ත උපරිම ලෙස සංවර්ධනය කිරීම, අනාගතය උදෙසා වන කර්මාන්ත ගොඩනැගීමට සැලසුම් කිරීම, සාම්ප්‍රදායික කර්මාන්ත ඉහළ මට්ටමකට නංවාලීම, නිෂ්පාදන කර්මාන්තය උසස් මට්ටමකට නංවමින් ස්වයංක්‍රීකරණය, හරිතකරණය යන දිශානති කරා සංවර්ධනය කිරීම එහි ප්‍රධාන චින්තනයයි. “විවිධ ප්‍රදේශවල තත්ත්වයට අනුකූලව සංවර්ධන සැලැස්ම සම්පාදනය කිරීම” යන කේන්ද්‍රීය කරුණු මගින් චීනයේ නව ගුණාත්මක ඵලදායිතාව එකම ක්‍රමයකින් සිදු නොකරන බව පැහැදිලි කෙරේ. ඒ ඒ ප්‍රදේශවල පවතින සම්පත්, කර්මාන්ත පදනම් හා තාක්ෂණ පර්යේෂණ තත්ත්ව යන කරුණු සලකා බලා නව කර්මාන්ත, නව ක්‍රමයන් හා නව ශක්තීන් පෝෂණය කිරීම ඉන් පිළිබිඹු වී තිබේ. 

වඩාත් පුළුල් මට්ටමෙන් සිට විමසීමේදී නව ගුණාත්මක ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම ආර්ථික කර්මාන්ත ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. ඒ සඳහා ප්‍රතිසංස්කරණය තහවුරු කරමින් ආර්ථික පද්ධතිය, තාක්ෂණික පද්ධතිය, නිපුණතා පද්ධතිය ද පරිපූර්ණ කළ යුතුය. උසස් මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීම හරහා නව ගුණාත්මක ඵලදායිතාව ප්‍රවර්ධනය සඳහා යහපත් ගෝලීය පරිසරයක් නිර්මාණය කිරීම ද වැදගත්ය. 

පසුගිය දා නිකුත් කෙරුණු මේ වසරේ මුල් මාස හයේ චීන ආර්ථිකය පිළිබඳ වාර්තාවට අනුව, නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය හේතුවෙන් චීන ආර්ථිකය නවීකරණය හා හරිත දිශාවක් කරා වෙනස් වීමේ ප්‍රවණතාව පෙරට වඩා කැපීපෙනෙන ලෙස පවතී. එය චීනයට පමණක් නොව සමස්ත ලෝකයට ද ශක්තියක් එක් කරනු ඇත.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම