චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම් Nguyễn Phú Trọng මහතාගේ අභාවය වෙනුවෙන් චීනයේ වියට්නාම තානාපති කාර්යාලයට පැමිණ ශෝකය පළ කරයි.
සහෝදර Nguyễn Phú Trọng මහතා අධිෂ්ඨානශීලි මාක්සාදියෙක් මෙන්, වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ හා වියට්නාම ජනතාවගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව ෂී ජින්පිං මහතා පෙන්වා දී තිබේ. සිය මුළු ජීවිතය පක්ෂය, රට, ජනතාව හා රටේ සමාජවාදී ව්‍යායාමය සඳහා කැප කළ ඔහු සමස්ත පක්ෂයේ, හමුදාවේ හා ජනතාවගේ අනුබලය හා ආදරයට පාත්‍ර විය. ගෙවී ගිය දශකයකට වැඩි කාලයක් තුළ සහෝදර Nguyễn Phú Trọng මහතා සමග තමා සමීප අදහස් හුවමාරු පවත්වා ගෙන යමින් දෙන්නා අතර ගැඹුරු සහෝදරත්වය ඇති වූ බව ෂී ජින්පිං මහතා සිහිපත් කළේය. උපායමාර්ගික වැදගත්කම හිමි, පොදු ඉරණමක් සහිත චීන වියට්නාම ප්‍රජාව ගොඩනැගීමට පසුගිය වසරේ තමා හා සහෝදර Nguyễn Phú Trọng මහතා එක්ව ප්‍රකාශ කිරීම සන්ධිස්ථාන ඓතිහාසික සිදුවීමකි. සහෝදර Nguyễn Phú Trọng මහතාගේ අභාවය චීනයට, චීන වියට්නාම සම්බන්ධතාවය ඉදිරියට මෙහෙයවන්නෙකු හා සමාජවාදී ව්‍යායාමය පිළිබඳ සගයෙකු අහිමි වීමකි. අප දැඩි ශෝකයක පසුවෙති. ඔහු දෙරටේ ආණ්ඩු පක්ෂ, දෙරට සම්බන්ධතාවය හා ලෝක සමාජවාදී මෙහෙයුම් සඳහා කළ විශිෂ්ට මෙහෙවර සදාකාලීකවම මතක තියා ගත යුතු යැයි ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.
වියට්නාම කොමියුනිස්ට් පක්ෂය එරට ජනතාව සමගි කර ගෙන මෙහෙයවමින් රටට ගැළපෙන සමාජවාදී මාර්ගයක ගමන් කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය හා රජය ස්ථිරව අනුබල දක්වයි.වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දැඩි නායකත්වය යටතේ වියට්නාම ජනතාවට ශෝකයෙන් ශක්තිය ලැබී ප්‍රතිසංස්කරණය හා සමාජවාදී සංවර්ධන ව්‍යායාමය පිළිබඳව අඛණ්ඩව නව ප්‍රගතීන් දිනා ගත හැකි යැයි විශ්වාස කරන බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.