ඊශ්‍රායලය පලස්තීන භූමි ප්‍රදේශ ආක්‍රමණය කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් බවට එක්සත් ජාතීන්ගේ උපදේශන මතයක්
2024-07-20 16:47:15
Share with:

ඊශ්‍රායලය පලස්තීන භූමිය අත්පත් කර ගැනීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බවට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ උපදේශන මතය පලස්තීනය පිළිගනී. පලස්තීන ජනාධිපති මන්දිරය ඊයේ (19)  මේ බව ප්‍රකාශ කළේය.

මෙම උපදේශන මතය "යුක්තියේ ජයග්‍රහණයක්" වන අතර, එය ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම ඇතුළු පලස්තීන ජනතාවගේ ස්වයං අයිතින් තහවුරු කිරීමක් ලෙස ද සැලකිය හැකි බව පලස්තීන ජනාධිපති මන්දිරය පැවසීය. කොන්දේසි හා ව්‍යතිරේක විරහිතව පලස්තීන භූමිය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම කඩිනමින් නතර කිරීමට ඊශ්‍රායලයට බලපෑම් කරන ලෙස පලස්තීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

ඊශ්‍රායලය පලස්තීන භූමි ප්‍රදේශ ආක්‍රමණය කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර, එහි නීති විරෝධී අත්පත් කර ගැනීම් හැකි ඉක්මනින් අවසන් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය ඊයේ (19)  උපදේශන මතයක් නිකුත් කළ බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම