සමස්ත ලෝකයට නව අවස්ථා විවර කරන චීනයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල
2024-07-20 19:59:33
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය ජූලි මස 15 වනදා සිට 18 වනදා දක්වා බෙයිජිං හිදී පැවැත්විණ. ‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය’ සාකච්ඡා කර අනුමත කිරීම එම සැසියේ වැදගත්ම ප්‍රතිඵලය ලෙස හැඳින්වේ. ඉන් ප්‍රතිසංස්කරණ ගැඹුරට ක්‍රියාත්මක කිරීම පිළිබඳ පොදු ඉලක්කය,  කාලසටහන, ක්‍රියාමාර්ග පිළිබඳ පද්ධතිමය සැකසීම් සිදු කර තිබීම ද විශේෂත්වයකි.

ප්‍රතිසංස්කරණ පුළුල්ව ක්‍රියාත්මක කිරීමේ පොදු ඉලක්කය වන්නේ චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කරමින් රටේ පාලන පද්ධතියේ හා පාලන ශක්‍යතාවේ නවීකරණය ඉදිරියට ගෙන යාම යැයි එම ‘තීරණයේ’ දැක්වේ. මේ සඳහා කාල නිර්ණ දෙකක් නියම කෙරේ: එනම්, 2035 වර්ෂය වනවිට සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කිරීම හා ‘තීරණයේ’ සඳහන් ප්‍රතිසංස්කරණ සැලසුම් 2029 වසරේ දී චීන මහජන සමූහාණ්ඩුවේ 80 වැනි සංවත්සරය වන විට සම්පූර්ණ කිරීමය. 

එම තීරණ, 300කට වැඩි වැදගත් ප්‍රතිසංස්කරණ විධිවිධාන පෙන්වා දී ඇත්තේ, චීන මාදිලියේ නවීකරණයට බාධා වන චින්තනික සංකල්ප හා ක්‍රමික අඩුපාඩු බිඳ දැමීම සඳහාය. චීන මාදිලියේ නවීකරණය යන තේමාවට ප්‍රකාරව ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම, චීන ජනතාවගේ සංවර්ධන අවශ්‍යතාවට පමණක් නොව, සාමකාමී සංවර්ධනය පිළිබඳ සමස්ත ලෝක වාසීන්ගේ අපේක්ෂාවන්ට ද මනාව ගැළපේ. චීනයේ නව සංවර්ධනය මගින් ලෝකයට නව අවස්ථා ගෙන දීම පිළිබඳ මාර්ගය ද ඉන් වඩාත් පැහැදිලි වනු ඇත.

  වර්තමානයේ චීන මාදිලියේ නවීකරණය පිළිබඳව සඳහන් කිරීමේදී, ‘නව ගුණාත්මක ඵලදායිතාව’ යන්න, මූල පදයක් වී තිබේ. විවිධ ප්‍රදේශවල තත්ත්වයන්ට අනුකූල ව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමේ පද්ධතිය ගොඩනැගීම හා සැබෑ ආර්ථිකය හා ඩිජිටල් ආර්ථිකය සම්මිශ්‍රණය වන ආකාරයට වර්ධනය කිරීමේ ක්‍රමවේදය වැඩිදියුණු කිරීමේ වැදගත්කම, මෙවර සැසිය අවධාරණය කර ඇත. චීන නවෝත්පාදනයෙන් නිර්මාණය වන අවස්ථා ලෝකය විසින් හුවමාරු ගැනීම මෙමගින් ප්‍රවර්ධනය වනු ඇතැයි ද විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම