චීන ජනපති ආර්යාව චීන-අප්‍රිකානු දරුවන්ගේ ගිම්හාන කඳවුරකට එක්වේ
2024-07-20 15:32:35
Share with:

චීන සහ අප්‍රිකාවේ දරුවන් වෙනුවෙන් බෙයිජිංහි දී පැවැත්වෙන "Love in the Sunshine" ගිම්හාන කඳවුරට චීන ජනපති ආර්යා Peng Liyuan මහත්මිය ඊයේ(19) සහභාගී වූවාය.

Peng Liyuan මහත්මිය ක්ෂය රෝගය සහ HIV/AIDS සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිත්‍ර තානාපතිවරිය වන අතර ගැහැණු දරුවන්ගේ සහ කාන්තා අධ්‍යාපනයේ උන්නතිය උදෙසා වන UNESCO සංවිධානයේ ද විශේෂ නියෝජිතවරියකි.

මෙම ගිම්හාන කඳවුරට එක්වෙමින් ඇය කියා සිටියේ මෙය චීන-අප්‍රිකානු දරුවන්ගේ සුහද හමුවක් පමණක් නොව, දෙරට මහාද්වීප අතර මිත්‍රත්වය පිළිබඳ පැහැදිලි ආදර්ශනයක් බවයි. අප්‍රිකාවේ සංවර්ධන ගමනේ ප්‍රධාන සහයෝගී පාර්ශ්වයක් ලෙස චීනය චීන දරුවන්ගේ පමණක් නොව අප්‍රිකානු දරුවන්ගේ සුරක්ෂිත හා සෞඛ්‍යසම්පන්න වර්ධනය  සහතික කිරීමට කැපවන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

දකුණු අප්‍රිකාව, නැමීබියාව, සෝමාලියාව, උගන්ඩාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ වෙනත් රටවල දරුවන් මෙන්ම චීනයේ සිචුවාන් පළාතේ Liangshan හි ස්වයං පාලන කලාපයේ සහ යුන්නාන් පළාතේ Ruili නගරයේ දරුවන් ද මේ සඳහා එක්ව සිටියහ. එමෙන්ම අදාළ අප්‍රිකානු රටවල චීනයේ සිටින රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් ද එම අවස්ථාවට සහභාගී වි තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම