චීන වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳ ලෝක වෙළඳ සංවිධානයේ 9වැනි සමාලෝචන සංවාදය සාර්ථකව අවසන්
2024-07-20 16:15:28
Share with:

චීනයේ වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳ ලෝක වෙළඳ සංවිධානයේ 9වැනි සමාලෝචන සංවාදය සාර්ථකව නිමාවට පත්වේ.

ඊයේ(19) ජිනිවාහිදී එම සමාලෝචන සංවාදය සාර්ථකව නිමාවට පත්විය. එහිදී ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයන් චීන ආර්ථීක වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැක්වූ අවධානය කෙරෙහි චීනය සක්‍රිය ලෙස ප්‍රතිචාර දක්වා ඇත. එමෙන්ම අසත්‍ය චෝදනා පිළිබඳ පැහැදිලි කරමින් ඒවා ප්‍රතික්ෂේප කර ඇත. 

ඉදිරියේදී චීනය තවදුරටත් අංගසම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය තහවුරු කර විවෘතභාවය ව්‍යාප්ත කර උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කරනු ඇත. එය ලෝකයට නව විශාල අවස්ථා ගෙන එනු ඇති බවට ලෝක වෙළඳ සංවිධාන‍යේ සාමාජිකයන්ට විශ්වාස කළ හැකි බව චීනය පැවසීය. අවංක මෙන්ම විවෘත ආකල්පයකින්චීනය මේ සඳහා සිය ප්‍රතිචාරය දක්වා ඇත. ඇතැම් සාමාජිකයන් ඉදිරිපත් කළ චීනයේ අධි නිෂ්පාදන ධාරිතාව සහ ආර්ථික බලහත්කාරය ක්‍රියාත්මක කිරීම පිළිබඳ චීනයට එරෙහි අසත්‍ය චෝදනා චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.  

මෙවර සමාලෝචන සංවාදය අතරතුර ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයන් 71 ක් ඊට එක්වී සිය අදහස් දක්වා ඇත. චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයේ දැවැන්ත ජයග්‍රහණ හා ලෝක වෙළඳ සංවිධානයේ කටයුතුවලට චීනය ලබා දුන් කැපීපෙනෙන දායකත්වය කෙරෙහි අදාළ සාමාජිකයන් පොදුවේ ප්‍රශංසාවද පළ කළහ. එමෙන්ම චීනය සමග තවදුරටත් ආර්ථීක වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඔවුන් කැමැත්තෙන් සිටී. එමෙන්ම ගෝලීය ආර්ථික ප්‍රකෘතිය ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ප්‍රායෝගික සහයෝගීතා ශක්තිමත් කිරීම හා බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියක් සහතික කිරීම යන ක්ෂේත්‍රවල චීනය වඩා වැඩි කාර්යභාරයන් ඉටු කරනු ඇතැයි අදාළ සාමාජිකයන් සිය විශ්වාසය ද පළ කර ඇත.   

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම