ජපානයේ නව ‘ආරක්ෂක ධවල පත්‍රිකාව’ සමස්ත ගෝලීය ප්‍රජාව නොමග යැවීමේ ප්‍රයත්නයක් බව චීනය කියයි
2024-07-19 10:35:21
Share with:

ජපානයේ නව ‘ආරක්ෂක ධවල පත්‍රිකාව’මගින් ජපාන රජය සමස්ත ගෝලීය ප්‍රජාව වැරදි දිශාවකට යොමුකර ඇති බව චීනය කියාසිටී. 

චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක Zhang Xiaogang මහතා මේ බව කියාසිටියේ, ජපානය නිකුත් කළ 2024 - ආරක්ෂක ධවල පත්‍රිකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඊයේ (18) පිළිතුරු දෙමිනි.

මෙම ධවල පත්‍රිකාව ජපාන කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවේ පසුගිය 12 වැනිදා ය. චීනය යනු ‘පෙර නොවූ විරූ ආකාරයේ විශාලතම උපායමාර්ගික තර්ජනයක්’ බව එහි සඳහන් වේ.

 Zhang Xiaogang මහතා පෙන්වා දුන්නේ, මෙහිදී ජපාන රජය චීනය ප්‍රයෝජනයට ගෙන, තම ජනතාව ඇතුළු සමස්ත ගෝලීය ප්‍රජාව වැරදි දිශාවකට යොමුකර ඇති බවයි. එසේම එය, තම හමුදා බලය තරකිරීම සාධාරණීකරණය සඳහා ජපාන රජය විසින් නිර්මාණය කෙරුණු නිදහසට කරුණක් පමණක් බව ද හෙතෙම පැවසීය. ඒ සම්බන්ධයෙන් චීනය දැඩි අප්‍රසාදය පළ කරන බවත්, ඊට තරයේ විරෝධය දක්වන බවත් Zhang Xiaogang මහතා කියාසිටියේය.

පවතින ජාත්‍යන්තර හා දේශීය නීතිවලට අනුව චීනය පවත්වන සාමාන්‍ය නාවික හා ගුවන් ක්‍රියාකාරකම් සාධාරණ මෙන්ම යුක්තිසහගත ය. චීනය සෑමවිටම ලෝක සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය සඳහා ශක්තියක් වූ බව ඉතිහාසය විසින් සනාථ කර ඇති  අතර, ඉදිරියේදීත් එය එසේම සිදුවනු ඇත. චීනය කිසිවිටක කිසිවෙකුට අභියෝග නොකරයි. එහෙත් කිසිදු අභියෝගයකට චීනය බිය නොවන බව ද චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම