ප්‍රධාන ප්‍රතිසංස්කරණ යෝජනාව සම්බන්ධයෙන් අදහස් විමසීමේ සම්මන්ත්‍රණය චීන ජනපති ප්‍රධානත්වයෙන්
2024-07-19 14:07:09
Share with:

චීන නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමේ යෝජනා තවදුරටත් සකස් කිරීම සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජික නොවන පුද්ගලයින්ගෙන් අදහස් ලබා ගැනීමේ සම්මන්ත්‍රණයක් පසුගිය මැයි මස දී  බෙයිජිං හිදී පැවැත්විණ. ඒ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.

පසුගිය 15 වනදා සිට 18 වනදා දක්වා පැවති චීන කොමියුනිස්ට් පක්ෂ  20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේදී ඉකුත් යෝජනාව සම්මත කෙරිණ. අනෙකුත් දේශපාලන පක්ෂවල මධ්‍යම කාරක සභා සාමාජිකයින්, චීන කර්මාන්ත හා වාණිජ සම්මේලනයේ සියලු නායකයින් සහ පක්ෂ භේදයකින් තොරව විවිධ නියෝජිතයන් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීම ද විශේෂත්වයකි.

ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා විධිමත්ව සැලසුම් සහ විධිවිධාන සකස් කිරීම මෙන්ම සෑම අතින්ම ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් නිර්මා‍ණය කිරීමේ දෙවන ශත සංවත්සර ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් උත්තේජනයක් සහ ආයතනික සහතිකයක් ලබා දීම මෙවර සැසිවාරය පැවැත්වීමේ ප්‍රමුඛ අරමුණ බව ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව ප්‍රධාන ගැටළුවලට විසඳුම් ලබා දීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් විවිධ ප්‍රජාවන් හි අදහස් හා යෝජනා විමසා බැලීම සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන්නක් බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ප්‍රතිසංස්කරණය තවදුරටත් පූර්ණ වශයෙන් සහතික කිරීමේදී, ඉස්මතු වී ඇති ගැටළුවලට නිසියාකාරයෙන් මුහුණ දිය යුතු ය. ජනතා කේන්ද්‍රීය බව සහතික කරගනිමින් සාමූහිකත්වයෙන් යුතුව සමස්ත මට්ටමේ විවිධ ආයතන ක්‍රමානුකූල ව ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙන යා යුතු ය. එසේ ම, සැලසුම් සහගත බව වෙත අවධානය යොමු කරන අතරතුර ඒවා නිසි අයුරින් ඉටු කළ යුතු බවට ද චීන ජනාධිපතිවරයා එම සම්මන්ත්‍රණයේදී උපදෙස් දී ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම