ඇමරිකාව මැයි මාසයේ ජාත්‍යන්තර ප්‍රාග්ධන ප්‍රවාහ වාර්තාව නිකුත් කරයි
2024-07-19 13:12:41
Share with:

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉකුත් මැයි මාසයට අදාළ ජාත්‍යන්තර ප්‍රාග්ධන ප්‍රවාහ වාර්තාව නිකුත් කරයි. එය  ඊයේ (18) ප්‍රකාශයට පත් කර ඇත.

එම වාර්තාවට අනුව, මැයි මාසයේ විදේශ ආයෝජකයන්ගේ දිගුකාලීන ඇමරිකානු සුරැකුම්පත් රඳවා තබා ගැනීම ඇ.ඩොලර් බිලියන 16.7 කින් පහත වැටී තිබේ. ඒ අතරින්, විදේශීය පෞද්ගලික ආයෝජකයන්ගේ සුරැකුම්පත් හිමිකම ද ඇ.ඩොලර් බිලියන 17.7 කින් අඩු වී ඇත. එසේම දිගුකාලීන ඇමරිකානු සුරැකුම්පත්වල විදේශ නිල වත්කම් ඇ.ඩොලර් බිලියනයකින් ඉහළ ගොස් ඇති බව ද වාර්තාවේ දැක්වේ.

මීට අමතරව, දිගුකාලීන සුරැකුම්පත්වල මුළු ශුද්ධ විදේශ වත්කම් මැයි මාසයේදී ඇස්තමේන්තුගත අගයට වඩා ඇ.ඩොලර් බිලියන 54.6කින් පහත වැටී ඇත. විදේශීය ආයෝජකයන්ට ඇමරිකානු බැංකුවල ඇති ශුද්ධ ඇ.ඩොලර් වගකීම් ඩොලර් බිලියන 65.7 කින් වැඩි වී ඇති බව ද ජාත්‍යන්තර ප්‍රාග්ධන ප්‍රවාහ වාර්තාවේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම