චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව
2024-07-19 11:18:27
Share with:

චීන කොමියුනිස්ට් පක්යේ 20වැනි මධ්‍යම කාරක සභාවේ 3වැනි පූර්ණ සැසියේ ජීවගුණය පැහැදිලි කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වේ.

එය අද(19) පෙරවරුවේ පැවැත්විණ.

‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය’එම සැසියේදී අනුමත කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිපත්ති අධ්‍යයන කාර්යාල උප අධ්‍යක්ෂ Tang Fangyu මහතා එම හමුව අමතමින් පැවසුවේ, එම තීරණය කරුණු15කින්, ජේද 60කින් සහ ප්‍රධාන කොටස් 3කින් සමන්විත බවයි.

ඔහු විස්තර කළ පරිදි, සම්පූර්ණ හා ගැඹුරු ලෙස ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීම, චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත්කම සහ සමස්ත අවශ්‍යතා පිළිබඳව පළමු කොටසේ පැහැදිලි කර ඇත. ආර්ථික පද්ධතියේ ප්‍රතිසංස්කරණ මගින් මඟ පෙන්වනු ලබන, සියලු ක්ෂේත්‍රවල සහ අංශවල ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස සැලසුම් කිරීම පිළිබඳව දෙවැනි කොටසේ පැහැදිලි කර ඇත. තුන්වැනි කොටසින් ප්‍රධාන වශයෙන් විස්තර කරන්නේ ප්‍රතිසංස්කරණ පිළිබඳ පක්ෂයේ නායකත්වය ශක්තිමත් කොට පක්ෂ ගොඩනැගීමේ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සම්බන්ධව ය.

එම ‘තීරණය’ මගින් පද්ධති, යාන්ත්‍රණය සහ ආයතනික මට්ටම්වලට සම්බන්ධ වැදගත් ප්‍රතිසංස්කරණ පියවර 300කට අධික ප්‍රමාණයක් යෝජනා කර ඇත.

මෙම ‘තීරණය’ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසයේ තවත් වැදගත් වැඩසටහන් ලේඛනයක් යැයි එම සැසියට සහභාගි වූවන් විශ්වාස කරන බව Tang Fangyu මහතා එම හමුවේදී පැවසීය.

 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම